About Perahera

දහවල් පෙරහර සහ පෙරහර නිමාව

Add Your Heading Tමනහර දස දිනක් කන්ද උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර කර එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, දහවල් 2.16 ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා සවස 4.42 ට යෙදි තිබූ මංගල නැකත් සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී. ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණ පරිච්ඡේදයක් සටහන් කරමින් 1715 වන වරට පැවැත් වූ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවිවරුන්ටත් අසිරිමත් සංස්කෘතික පූජෝපහාර පුදකොට, කලට වැසි ලැබ, රටට සෞභාග්‍යය උදා වී, සියළු ලෝ වැසියනට ආශිර්වාද කර එහි සමාප්තිය තබන ලදී. 2025 ඇසළ පෙරහර මහා මංගල්ලය අති සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දිය‍වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශය මඟින් පිළිගන්වා දන්වා සිටීමෙන් පසු පෙරහර මංගල්ලයේ නිමාව නිල වශයෙන් සනිටුහන් විය. Divinely colorful & wondrous 1715th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour of 4:42 pm and entered through the main “Maha Wahalkada” “Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2025 was handed over to His Excellency the President Hon. Anura Kumara Disanayaka by Hon. Diyawadana Nilame marking the conclusion of the festival.ext Here

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 08 වන නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කර ගෙවදින ලදී. අනතුරුව අළුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල දියකැපීමේ පෙරහර වෙනුවෙන් ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික චාරිත්‍රවලට අනුව ගැටඹේ, මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු කෙරිණි. මේ අවස්ථාව සඳහා අතිවිශාල බැතිමතුන් ප්‍රමාණයක් ගැටඹේ මහවැලි ග‍‍ඟ නිම්නය හා ඒ අවට ප්‍රදේශවල රැස්ව සිටියා. The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2025 returned to the temple after parading the streets on 9th August 2025 ( Nikini full moon Poya day), paying homage to the Sacred Tooth Relic & also the four guardian deities. Then at the auspicious time at early morning, the Relic Casket was reverentially carried in a procession to the Asgiriya Gedige temple and kept there observing an age-old ritual. The Dewala processions of the four shrines reached the Dewala premises yesterday and then took off to Gatambe and performed the ritual of water cutting ceremony in the bank of Mahaweli river. Thousands of crowds gathered near Mahavaly river side at Gatambe to witness this event.

කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර

සම්බුද්ධ වර්ෂ 2569 වැන්නේ සීලවන්ත නිකිණි පෝදා සඳ නුබ නැගී කැළුම් අතුරනා මඟ කොප්පරා පන්දම් ආලෝක පැතිරී, කන්ද රට නර්තන ප්‍රභා, බෙර දවුල් තම්මැට්ටම් හොරණෑ හඬ පිබිදී සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩවමින් පියවර නැඟු කදිරපුර වාසනා මඟුලැතුට දෑල සැදුවෝ සිංහරාජා සහ පුලතිසිරාජා හස්තිරාජවරුය. මේ අසිරිමත්, ශාන්ත වූ මහානීය රාත්‍රියේ 1715 වෙනි හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයක අභිමන් දක්වා, පුහුදුන් සත්වගට සෙත්සදා සනරාමර ගෝතම මුනි වාම දළදාව අබිමුව සිදුකළ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයේ අභිමන් දැරූ සුපින්වත් මහ රන්දෝලි රාත්‍රිය. Beneath the serene Nikini full moon, its silver light caressed the path strewn with copra torches flame, while Kandy’s skies shimmered with the glow of dance, and the deep voices of drums,flutes and traditional music rose in reverent chorus. Kataragama Wasana bore the sacred casket, flanked by Sinharaja and Pulathisiraja. Thus unfolded a night of splendour and peace – the 1715th great cultural homage of the land, where, before the Sacred Tooth Relic of the Blessed Gouthama Buddha, the Grand Randoli Procession moved with pride, an offering of devotion, woven with the heritage and heart of a nation.

සිව්වැනි රන්දෝලි පෙරහර

දිනය නවවැනි එළැඹිණි. නුවර ඇසළ සිරි දැක නිකිණි සඳ හිනැහිණි. දෑලේ සහපිරිවර සිංහරාජා හා පුලතිසිරාජා සමඟ තෙදැති කදිරපුර වාසනා ගිජිඳාණෝ සිව්වැනි රන්දෝලි පෙරහරේ රන්වියන් සෙවණේ සධාතුක පෙරහර කරඬුව පිටින් ගෙන පිය නගන කල වාතලය ගායන, වාදන, සාදු නදින් රැව්දුණි මෙලෙස. The ninth night dawned in splendour. The radiant Nikini moon smiled upon the sacred beauty of Esala in Kandy. Amidst the golden glow of the Fourth Randoli Procession, the noble Royal Tusker Kataragama Wasana, flanked with grace by the devoted guardians Sinharaja and Pulathisiraja, carried the sacred Relic Casket in solemn dignity under the golden canopy. The air resounded with chants, melodies, and the rhythm of traditional drums, as devotion echoed under the celestial sky.

කන්ද උඩරට ඇසළ පෙරහර තෙවැනි රන්දෝලි පෙරහර

සිරි දළදා පුජෝපහාරය පුරාතනයේ සිට පැවත එන නොසිඳ නොබිඳ රජ දරු නියමය පෙරහර කරවන සිරිත් ප්‍රකාරව, ආසිරි මැද පංචතුර්ය නාද පෙරටුව දළකාර ඉන්දිරාජා මඟුලැතු රන්දෝලි පෙරහරේ තෙවැනි දින ගමන්කාර විලස. On the third night of Randoli, the majestic tusker Indiraja carried the Sacred Casket, leading the procession with traditional royal pageantry, accompanied by the resonant melodies of the fivefold music – a timeless ritual inherited from ancient royal customs.

කන්ද උඩරට ඇසළ පෙරහර තෙවැනි රන්දෝලි පෙරහර

සිරි දළදා පුජෝපහාරය පුරාතනයේ සිට පැවත එන නොසිඳ නොබිඳ රජ දරු නියමය පෙරහර කරවන සිරිත් ප්‍රකාරව, ආසිරි මැද පංචතුර්ය නාද පෙරටුව දළකාර ඉන්දිරාජා මඟුලැතු රන්දෝලි පෙරහරේ තෙවැනි දින ගමන්කාර විලස. On the third night of Randoli, the majestic tusker Indiraja carried the Sacred Casket, leading the procession with traditional royal pageantry, accompanied by the resonant melodies of the fivefold music – a timeless ritual inherited from ancient royal customs.

කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි රන්දෝලි පෙරහර

දෑල රැකවල් සෑදූ පින්වත් සිංහරාජා හා බුරුමරාජා නම් වූ ගිජිඳුන්, තෙදවත් කදිරපුර වාසනා හස්තිරාජයාණෝ උවසු ගමනින් සධාතුක පෙරහර කරඬුව වැඩම කරවූ දෙවෙනි රන්දෝලි පෙරහරේ නෘත්‍ය ගීත වාදන රාව කදුණි කඳුරට. With regal grace and sacred reverence, the Holy Casket of the Sacred Tooth Relic was borne aloft by the majestic Royal tusker Kataragama Wasana, flanked in splendour by Sinharaja and Burumaraja. Together, they strode proudly in the Second Randoli Procession, as Kandyan skies shimmered with starlight, and the night echoed with the rhythm of drums and the swirling devotion of dancers.

කන්ද උඩරට ඇසළ පෙරහර පළමු රන්දෝලිය පෙරහර

කඳුරට නුබ ගැබ නැහැවී නිකිණි සඳ එළියෙන්, හේවිසි හොරණෑ රාව දෙන විට සැම අතින් නළු කැල පෙරටුව‍, ඉන්දිරාජා මඟුල් ඇතු පෙරහර කරඬුව වැඩම කරවූ පළමු රන්දෝලිය වීථි සැරූ වගයි. As the Nikini moonlight bathed the procession in its silver hue, the first Randoli Procession graced the streets with a splendour that seemed almost celestial. Indiraja, bearing the revered Relic Casket, moved with a grace that echoed the sacredness of the moment. The rhythmic pulse of drums reverberated through the air, mingling with the sweet, lilting melodies of the local flute.

Scroll to Top